සිය රුව භාවිත කරමින් අපේක්‍ෂකයින් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම නතර කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා සියළු පොලිස් ස්ථාන දැනුවත් කර ඇත්තේ එලෙස සිදුකරන ප‍්‍රචාරණ කටයුතු වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර දූෂණ සහ අක‍්‍රමිකතා නවතා කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා කළුතර දිස්ති‍්‍රක්කයේ අද චාරිකාවක නිරත වෙමින්.
(Neth)