Monday, February 16, 2026
Follow Us
පාසල් විෂය බාහිර ක්‍රියාකාරකම් අත්හිටුවයි

පාසල් ආශ්‍රිතව සංවිධානය වන දින සැමරුම් සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම පියවර ගෙන ඇති බව රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කරයි.

අදාළ ක්‍රියාකාරකම් දෙවන පාසල් වාරය තුළ සංවිධානයට කිසිදු අයුරකින් අවසර ලබා නොදෙන අතර තෙවන පාසල් වාරයේදී ඊට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් යළි සලකා බලන බව ලේකම්වරයා සඳහන් කරයි.

පාසල් ක්‍රීඩා කණ්ඩායම් සාමාජිකයින්ට අධ්‍යන කටයුතුවලට බාධාවක් නොවන පරිදි පුහුණු වීම් සඳහා අවසර ලබා දී තිබේ.

(Aruna)