Thursday, July 03, 2025
Follow Us
පාතාලය මර්දනය කර, මත් උවදුරෙන් තරුණ පරපුර මුදවා ගන්නවා

මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර මුදවා ගැනීමට නම් පළමුව පාතාලය මර්දනය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවා ගැනීම සඳහා මේ වන විටත් ක්‍රමාණුකූල ව පාතාලය මර්දනය කිරීම සඳහා රජය පියවර ගෙන ඇතැයි ඊයේ ( 28) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ග්‍රාමීය මට්ටමේ තරුණ පිරිස් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවෙන ප්‍රවණතාවයක් පෙන්නුම් කරන හෙයින් සිය පවුල්වල සිටින තරුණ පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් සිට මත්ද්‍රව්‍ය ඔවුන් අතට පත්වන්නේ කෙසේදැයි සොයා බැලීම වැඩිහිටියන්ගේ ද වගකීමක් බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා පැවසීය.

(news.lk)