Thursday, July 03, 2025
Follow Us
ජනපති තවත් වැඩකට අත ගසයි – මින් පසු රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ දේශීය නිෂ්පාදකයන්ගෙන් පමණයි…

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිල දී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය එහි අරමුණ බව බත්තරමුල්ල තලවතුගොඩ ජනහමුවක දී මොරටුව ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ ගැටළුවකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ප්‍රදේශයේ ජනතා ගැටලු රැසක් සවිස්තරව ජනාධිපතිවරයා වෙත යොමු කෙරුණු අතර මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර බේරා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට ජනාධිපති රාජපක්ෂ මහතා අද (28) කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ව සිටී.

(Lanka Leads)