Thursday, July 03, 2025
Follow Us
විදෙස්ගතව සිට පැමිණි ඡන්දදායකයන්ට පාස්පෝට් එක අනිවාර්ය කරයි

විදෙස්ගතව සිට නැවත පැමිණ සිටින ඡන්දදායකයන් ලබන 05 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණීමේදී විදේශ ගුවන් ගමන් බලපත්‍රය රැගෙන ඒම අනිවාර්ය බව මැතිවරණ කොමිසම පවසනවා. හොර ඡන්ද දැමීමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

විදෙස්ගතව සිටින ඡන්දදායකයන්ගේ තොරතුරු ආශ්‍රිතව, ව්‍යාජ හැඳුණුම්පත් සකස් කර එම ඡන්ද දැමීම සඳහා සංවිධානාත්මක පිරිසක් විසින් උත්සාහ දරන බවට පැමිණිලි ලැබී තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

මේ නිසා විදේශගතව සිටින ඡන්ද හිමියන් පිළිබඳව ග්‍රාම නිළධාරීන් හරහා තොරතුරු ලබාගෙන ඡන්ද පොල වෙත ලබාදෙන ඡන්ද හිමි නාම ලේඛනයේ ඒ බව සඳහන් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

(LNW)