Thursday, July 03, 2025
Follow Us
ජනාධිපති පොලීසිය කුඩු කරයි – කුඩ්ඩන්ගේ තොරතුරු ජනපති කාර්යාලයටම එවන ලෙස දන්වයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට ලබා නොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම තොරතුරු සෘජුවම ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

තම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින බරපතල ප්‍රශ්නය වන්නේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය බව කුරුණෑගල දිස්ත්‍රික් ජනතාව ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නේ ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට එම දිස්ත්‍රික්කයට ගිය අවස්ථාවේදීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස එහිදී ජනාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර ඊට පිළිතුරු ලෙස ජනතාව සඳහන් කළේ අදාළ තොරතුරු පොලිසිය වෙත ලබා දුන්නද ඉන් පලක් නොවන බවය.

එම තොරතුරු පොලිසියට නොදී තම කාර්යාලය වෙත එවන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීම කළේ එම අවස්ථාවේදීය.

පසුගිය දිනවල සිදුවූ කුඩු මර්ධනය සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මහජනතාව තුළ පමණක් නොව ජනාධිපතිවරයා තුළ පැහැදීමක් නොමැති බව ඉන් තහවුරු වේ.

(Lanka Leads)