Thursday, July 03, 2025
Follow Us
ඉන්දියාවට ලබා දී ඇති තෙල් ටැංකි නැවත පවරා ගන්න නව රජය සාකච්ඡා අරඹයි

බදු පදනම යටතේ ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදි ඇති ත‍්‍රිකුණාමලය තෙල් ටැංකිවලින්, තෙල් ටැංකි 25ක් යළි ශ‍්‍රී ලංකාවට ලබාගැනීම සදහා සාකච්ඡා ආරම්භ කර ඇති බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මේ සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග ද සාකච්ඡා කළ බව හා එම සාකච්ඡා සුබවාදී තත්ත්වයක තිබෙන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත සදහන් කළේ.

අදාළ බදු ගිවිසුමට අනුව ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධනය කිරීම ද සිදුකළ යුතුව ඇති අතර එය ඉන්දියන් ඔයිල් සමාගම විසින් පැහැර හැර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)