ලබන සඳුදා සිට රජයේ සියලූ පාසල්වල 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අගෝස්තු 10 වනදා ආරම්භ කරන බවයි.
සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අනුකූලව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති විශේෂ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බවයි, එම අමාත්‍යාංශය සියලූ පාසල්වල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
(Neth)