Friday, July 04, 2025
Follow Us
තැපැල් ඡන්ද සළකුණු කිරීමට අද සහ හෙටත් අවස්ථාව

තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යයාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි වනවා.

අද උදෑසන 08.30 සිට සවස 04.00 දක්වාත්, හෙට උදෑසන 08.30 සිට සවස 02.00 දක්වාත්, ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

මෙතෙක් සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට අපොහොසත් වූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යයාලය පිහිටි දිස්ති‍්‍රක්කයේ, දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලයේදී මෙම පහසුකම සලසාගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

(Neth)