නිවාස නොමැති සියලු දෙනාට තමන්ගේ අවශ්‍යතාවටත්, ආදායමටත්, සරිලන ආකාරයේ නිවසක් ඉදිකර ගැනීම සඳහා ක්‍රමයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අම්පාර, සමන්තුරෙයි නගරයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, රජය සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් මෙම ගැටලුවට විසදුම් ලබා දීමට පියවර ගන්නා බවයි.
මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමටත්, නිවාස ගම්මාන ඉදිකිරීමටත්, පහසු ගෙවීමේ ක්‍රමයට ඒවා ලබා දීමටත්, දැනටමත් සැලසුම් සකස් කර තිබේ.
නොමිලේ දෙන බව පවසා පසුව මුදල් ඉල්ලන වංචා සහගත වැඩපිළිවෙළ තම රජයක් යටතේ කිසිසේත්ම සිදු නොවන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ජනතාවට හිතේ සැනසීමෙන් සුවපහසුව ජීවත්වීමට හැකි නිවහනක් ලබා ගත හැකි ක්‍රමයක් සැකසීම රජයේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
(news.lk)