Friday, July 04, 2025
Follow Us
උසස් පෙළ කල් දැමුවේ සිසුන්ගේ ඉල්ලීමට

අධ්‍යාපන අමාත්‍යාංශය දීප ව්‍යාප්තව කළ සමීක්ෂණයකට සම්බන්ධ වූ සිසුන්ගෙන් සියයට පනහයි දශම නවයක් මෙවර උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා තිබේ. විභාගය කල් නොදමන ලෙස ඉල්ලා ඇති සිසුන්ගේ ප්‍රතිශතය සියයට 49.1%කි.

එසේ වුවද මෙම සමීක්ෂණයට සම්බන්ධ වූ කොළඹ, මහනුවර, යාපනය යන දිස්ත්‍රික්කයන්හි සිසුන්ගෙන් සියයට හැටකටත් වැඩි පිරිසක් උසස් පෙළ විභාගය කල් නොදමන ලෙස ඉල්ලා ඇති බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යාංශය දීප ව්‍යාප්තව කළ මෙම සමීක්ෂණයෙන් පසු විභාගය සති දෙකකින් කල් දැමීමට මුලින් තීරණය කළද කොවිඩ් වයිරස තත්ත්වය මත යළිත් පාසල් වසා දැමීමට පියවර ගැනීම නිසා සති පහකින් පමණ විභාගය කල් දැමීමට තීරණය කළ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග ‘අරුණ’ට ඊයේ (21 වැනිදා) පැවසීය.

විභාගය ඔක්තෝබර් මස 12 වැනිදා පැවැත්වීමට තීරණය කළේ ප්‍රතිඵල මෙම වසර ඇතුළතම නිකුත් කිරීමේ අරමුණින් යැයිද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

(Aruna)