Friday, July 04, 2025
Follow Us
එළවළු ගොවීන් රැකගන්න ජනපතිගෙන් විශේෂ සැලසුමක්

එළවළු ගොවීන්ට සුරක්‍ෂිත අනාගතයක් උදාවන පරිදි සිය අස්වැන්න සදහා නිසි මිලක් ලබාගැනීමේ ක‍්‍රමවේදයක් සකස බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පවසන්නේ එළවළු, පළතුරු සහ සෙසු භෝග දිවයින පුරා බෙදා හැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්‍ෂා වන අයුරින් සිදුවිය යුතු බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව සදහන් කළේ පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයෙන් තරග වැද සිටින අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීමට නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ චාරිකාවකට අද එක්වෙමින්.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනහමුවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ රටේ සම්පත් ආරක්‍ෂා කරමින් රට ඉදිරියට ගෙන යාමට සැලසුම් සකස් කර ඇති බවයි.

(Neth)