Friday, July 04, 2025
Follow Us
තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට අද සහ හෙට අවස්ථාව

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්කරුවන් ට ඡන්ද සලකුණු කිරීමට අද (20) අවස්ථාව ලබා දී තිබේ.

මැතිවරණ කොමිසම සදහන් කළේ පසුගිය සතියේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයින් ට අද සහ හෙට (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි.

ඒ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් තැපැල් ඡන්දය භාවිත කිරීමට අයදුම්කරුවන් ට හැකියාව පවතී.

මේ අතර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(Aruna)