Tuesday, February 10, 2026
Follow Us
පතල් කර්මාන්තයේ ගැටලු විසඳන්න ජනපති මැදිහත් වෙයි

පතල් කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ සියළු පැතිකර ආවරණය වන පරිදි බලපත‍්‍ර නිකුත් කිරීම එක් ආයතනයක් මගින් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ එකඟතාව පළ වී තිබෙනවා.

ඒ, පතල් කර්මාන්තකරුවන් සිය ගැටළු පිළිබද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමත් සමගයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීමට රත්නපුරයේ පැවති ජන හමු සඳහා සහභාගි වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙස පතල් කර්මාන්තකරුවන්ගේ ගැටළු පිළිබද අවධානය යොමු කළා.

(Neth)