Tuesday, February 10, 2026
Follow Us
ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට ජනපතිගෙන් සැලසුම්

ප‍්‍රමුඛ අපනයන භෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප‍්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සකස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඇසුරුම් කළ ගම්මිරිස් අපනයනයෙන් සහ ගම්මිරිස් ආශි‍්‍රත නව නිෂ්පාදන ලෝක වෙළද පොලට හදුන්වාදීමෙන් වැඩි ආදායමක් උපයා ගත හැකි බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයේ නිරීක්‍ෂණ චාරිකාවකට අද එක්වෙමින්.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ තවත් ජනහමුවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ ඉකුත් ආණ්ඩුව එළැඹි ජාත්‍යන්තර ගිවිසුම්වලින් ඉවත්වීම මේ වනවිට අසීරු කටයුත්තක් බවයි.

(Neth)