Tuesday, February 10, 2026
Follow Us
කෑගල්ලේ නාය යෑම් පාලනයට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනපති කියයි

සුළු අපනයන බෝග ආනයනය මේ වන විට නවතා ඇති බැවින් ඉදිරියේ දී මෙරට බෝග සඳහා ඉහළ මිලක් ලැබෙනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම දිස්ත්‍රික්කයේ නිරන්තරයෙන් සිදුවන නායයෑම් පාලනය කොට පීඩාවට පත් වන ජනතාවගේ ගැටලු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු කිහිපයක් පිළිබඳවත් සමූපකාර ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයා දැනුම්වත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

(Lanka LEads)