Friday, July 04, 2025
Follow Us
අන්තවාදී මත දරන්නන්ට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කළ පනතට අනුමැතිය

ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඉදිරිපත් කළ ප‍්‍රචණ්ඩ අන්තවාදී මතවාදයන්ට සම්බන්ධ සැකකරුවන් පුනුරුත්තාපනය කිරීමේ රෙගුලාසි කෙටුම්පතට ද සංශෝධනවලට යටත්ව නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එලෙස තමන්ව අත්අඩංගුවට ගතහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස ද හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

(Neth)