Friday, July 04, 2025
Follow Us
පාසල් විවෘත කරන්න මෙතෙක් පිළිතුරක් නැ

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ නිර්දේශ මත යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් චන්ද්‍රසේකර ‘අරුණ’ට ඊයේ (16 වැනිදා) පැවසීය.

පාසල් විවෘත කිරීමට හැකි පරිසරයක් පවතින්නේ දැයි අමාත්‍යාංශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් පිළිතුරක් ලැබී නැතැයි ද ලේකම්වරයා කීවේය.

කොවිඩ් වයිරසය යළි ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් ඉකුත් සඳුදා (13 වැනිදා) සිට සතියක කාලයක් පාසල් වසා තැබීමට අමාත්‍යාංශය පියවර ගත් අතර අමාත්‍යාංශයේ කලින් සැලසුමට අනුව පාසල් ආරම්භ කිරීමේ තෙවැනි අදියර ලබන සඳුදා (20 වැනිදා) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම අදියර යටතේ පාසල්වලට කැඳවන්නේ 10 හා 12 ශ්‍රේණිවල දරුවන්ය. කෙසේ වුවද එම අදියරයන් ක්‍රියාත්මක කෙරෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ලැබීමෙන් පසුව යැයි ලේකම්වරයා කීවේය.

(Aruna)