Friday, July 04, 2025
Follow Us
සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකිරීම ගැටළුවක්

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මහ මැතිවරණය පැවැත්වීම අපහසු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ (15) මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම ගැසට්ටුව නොමැතිවීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් විශාල ගැටළුවකට මුහුණදී ඇති බව දේශප්‍රිය මහතා සදහන් කළේය.

කොරෝනා තත්ත්වය මුල් කර ගනිමින් මැතිවරණය කල්දැමීමට මැතිවරණ කොමිසමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද එහිදී මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

මැතිවරණ කොමිසමේ ඉල්ලීම රට තුළ ඇදිරි නීතිය පැනවීමට හෝ ලොක්ඩවුන් කිරිමට නොවන බවත්, ජනතාවගෙන් ඉල්ලීමක් කරන ලෙස මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(Aruna)