මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදී ඇති ඇතැම් අපේක්ෂකයින් තමන් මැතිවරණයට තරග කිරීමෙන් ඉවත්වන බවටත්, වෙනත් පක්ෂයකට, කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට සහය වන බවට ඔවුන් සිදුකරන ප‍්‍රකාශවලටත් මාධ්‍ය මගින් ප‍්‍රචාර ලබා නොදෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා.
නාමයෝජනා භාරදුන් කිසිඳු අපේක්ෂකයෙකුට ඉල්ලා අස්විය නොහැකි අතර තරගයෙන් ඉවත්වුවද, වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට සහය දැක්වීමෙන් ඔවුන් වැළකී සිටිය යුතුයි.
මැතිවරණ තරගයෙන් ඉවත්වන බව ප‍්‍රකාශ කරන අපේක්ෂකයෙකුට ස්වකීය අදහස් දැක්වීමේ අයිතිය ඇති නමුත්, එවැනි ප‍්‍රකාශ මාධ්‍ය හරහා ප‍්‍රමුඛතාව ලබාදෙමින් ප‍්‍රචාරය කිරීමෙන් එක් පක්ෂයකට හෝ කණ්ඩායමකට අයුතු වාසියක් සහ තවත් පක්ෂයකට අගතියක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළේ.
ඇතැම් අපේක්ෂකයින් විසින් සිය සහායකයින් දේශපාලන පක්ෂවලින්, ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කර, ඡන්ද විමසීම ආසන්නයේ ඔවුන් ඉන් ඉවත්කර ගෙන සිය අපේක්ෂකත්වය ප‍්‍රවර්ධනය සඳහා ප‍්‍රකාශ නිකුත් කරවා ගැනීමේ උත්සහයන් ඇති බවට ද තොරතුරු වාර්තාවී තිබෙනවා.
නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් සඳහා බාධා ඇති කරන මෙවැනි කාර්යයන් පාලනය කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
මෙම කරුණු ඇතුළත් ලිිපියක් මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලූවැව වෙත ද යොමුකර තිබෙනවා.
මේ අතර තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීමේ සිව්වන දිනය අදයි. තැපැල් ඡන්දය පැවැති ඉකුත් දින 03 දී එම කටයුතු සාමාකාමීව සිදුකෙරුණු බවයි පැෆරල් සංවිධානය පැවසුවේ. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව සඳහන් කළා.
(Neth)