2020 මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (15) 03 වන දිනටත් සිදු වනවා.
ඉකුත් දින දෙකේදී තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීව සිදු කෙරුණු බවයි මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ තැපැල් ඡන්දය ආශ්‍රිතව කිසිඳු බරපතල තත්ත්වයක් වාර්තා වී නොමැති බවයි.
ඒ අනුව සමස්ථයක් ලෙස බාධාවකින් තොරව එම කටයුතු සිදුවෙන බවද පෙන්වා දුන්නා. තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් එම කටයුතු සිදු කිරීමට හැකි වෙනු ඇති බවද සඳහන් කළා.
(Neth)