Saturday, February 28, 2026
Follow Us
කෝට්ටේ නගර සභාවේ ගිණුම් අංශය දින 3 කට වැසෙයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිණුම් අංශය දින තුනක් වසා දැමීමට එහි බලධාරීන් පියවර ගෙන තිඛේ.

ගිණුම් අංශයේ නිලධාරිණියගේ සැමියා පසුගිය 03 දින කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශන සඳහා සහභාගී වු නිලධාරියෙකි.

එම හේතුවෙන් මෙම නිලධාරියා ඇතුලු පවුලේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. මෙම පුද්ගලයින්ගේ රුධිර සාම්පල සී සී ආර් පරීක්ෂණයට යොමු කර ඇත.

ඔවුනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත් ඉදිරි පියවර ගැනිමට නියමිතයි.

(Aruna)