Saturday, February 28, 2026
Follow Us
සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය මේ සතියේ

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය මෙම සතිය ඇතුළත නිකුත් කෙරෙනු ඇති බවට වාර්තා පළ වනවා.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතු වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි. එම ගැසට් නිවේදනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වනවිට සකස් කර අවසන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනාවරණ කළා.

අදාළ මාර්ගෝපදේශ ඇතුළත් යෝජනාවලිය මීට පෙර නීතිපතිවරයා හමුවට ද ඉදිරිපත් කෙරුණා. කෙසේ වෙතත්, එම මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ප‍්‍රමාද වීම හේතුවෙන් ගැටලූ රැසක් මතුව ඇති බව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පාර්ශව කිහිපයක් පෙන්වා දුන්නා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ඊයේ ප‍්‍රකාශ කළේ, අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකළහොත් මැතිවරණය පැවැත්වීම ඉතා අපහසු කටයුත්තක් බවයි.

(Neth)