රටේ පවත්නා තත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වීමට එම අමාත්‍යංශය තීරණය කර තිබේ.
මෙම කාල සීමාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසියම් තොරතුරක් දැනගැනීමට හෝ, කිසියම් සේවාවක් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 ඔස්සේ පහසුකම් සපයා ඇත.
කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශිවීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලටගෙන මෙම තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ සඳහන් වෙයි
(Aruna)