Sunday, September 14, 2025
Follow Us
අලූත් සැලසුමක් ක‍්‍රියාත්මකයි – ඡන්දය ආපස්සට හරවන්නේ නෑ – මැ. කො. කියයි

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දැනට ක‍්‍රියාත්මක සැලසුම වෙනස් කර එය තවත් දැඩි කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

කොරෝනා වෛරසයේ නව පැතිරීම නිසා නව සැලසුමකට යන බවද කොරෝනා වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීමට කොමිසම විසින් සැලසුම් පහක් පමණ සකස් කර ඇති බවද පවතින තත්ත්වය හමුවේ මුල් සැලසුම ප‍්‍රමාණවත් නොවන බවද හෙතෙම කියා සිටියේය.

ඡන්ද මධ්‍යස්ථාන සියල්ල අනෙකුත් පොදු ස්ථානවලට වඩා සෞඛ්‍ය ආරක්‍ෂිතව පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බවත් ඡන්ද මධ්‍යස්ථානවලින් කොරෝනා බෝවීම කිසිදු ඉඩක් නොතබන බවත් හෙතෙම කීවේය.

මැතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති නිසා එම පියවරයන් ආපසු හැරවීමට මැතිවරණ නිලධාරීන් සූදානමක් නැති බවද මහින්ද දේශප‍්‍රිය මහතා කියා සිටියේය.

(Lanka Leads)