Sunday, September 14, 2025
Follow Us
කෘෂි භෝග අපනයනය පිළිබඳ ජනපතිගෙන් ගොවි ජනතාවට උපදෙස්

කෘෂි භෝග අපනයනයේදී නිමි ද්‍රව්‍ය සැකසීමට ප‍්‍රමුඛතාවය දී වැඩි ලාභ උපයා ගැනීමට උත්සාහ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගොවි ජනතාවට ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මහනුවර දිස්ති‍්‍රක්කයේ අද සිදුකළ චාරිකාවකදීයි. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බැවින් ඇට, කුඩු හෝ වෙනත් නිමි ද්‍රව්‍ය ලෙස ඇසුම් කර ගම්මිරිස් අපනයනය කරන ලෙසටයි.

මේ අතර මහරගම පැවති මැතිවරණ ප‍්‍රචාරක රැළියකට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කළේ මැතිවරණයෙන් පසු උපාධිධාරීන් සියළු දෙනාට රැකියා ලබාදෙන බවයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස අද පැවති ජන රැුළියකට එක්වෙමින් ප‍්‍රකාශ කළේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට තම කණ්ඩායමට හැකි බවයි.

(Neth)