Sunday, September 14, 2025
Follow Us
කන්දකාඩුවෙන් හමුවුණෙත් කලින් වගේ පොකුරක් මෙය පාලනය කළ හැකියි - අනිල් ජාසිංහ

Covid 19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

වත්මන් තත්ත්වයද පෙර පැවති මෙන් පොකුරක් වන අතර එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ,ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවද අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව රැස් වී ඊට අදාළ සාකච්ජා පවත්වා ඇති අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගෙන තිබේ.

කෙසේවෙතත් පවත්නා තත්ත්වය මත තවදුරටත් රෝගීන් හමුවීමේ ඉඩක් පවතින බවයි ජාසිංහ මහතා කියාසිටින්නේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය වෛද්‍ය විශේෂඥයින්,පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු,විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අවශ්‍ය කරන සියලු කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කරයි.

"පහුගිය කාලයේ රට විවෘත කළේ ජන ජීවිතය යහපත්ව පවත්වා ගෙනයාමට. නමුත් ඇතැම්විට අපට පෙනී යනවා ආයතන,දේශපාලන පක්ෂ,ජනතාව,විවිධ කණ්ඩායම මේ තත්ත්වය නොසලකන තත්ත්වයක් තියෙන්නේ. එකෙන් ඔබ්බට ගිහින් ක්‍රියා කරන තත්ත්වයක් තුළ වෛරසයට විවෘත නොවී සිටීම උල්ලංඝනය වෙලා තියෙන්නේ."

ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ.

(LNW)