Friday, November 07, 2025
Follow Us
සේවක පුරප්පාඩු හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය අඩපණ වේ

කණිෂ්ඨ සේවක පුරප්පාඩු හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ රාජකාරී සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

එම දුම්රිය ස්ථානයේ ප‍්‍රවේශපත‍්‍ර පරීක්‍ෂා කිරීමේ සහ එකතු කිරීමේ පිවිසුම් දොරටු 06 ක් තිබෙනවා. ඊයේ දිනයේ එම ස්ථානවල රාජකාරී සදහා එක් කණිෂ්ඨ සේවකයෙකු හෝ යොදවා තිබුණේ නැහැ.

මේ පිළිබද නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ සේවකයන් නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අනුමත කණිෂ්ඨ සේවක කාර්ය මණ්ඩලය 169 ක්. එහෙත් මේ වනවිට රාජකාරී සිදු කරනුයේ සේවකයින් 88 දෙනෙකුගෙන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

(Neth)