මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලිමක් කිරීමට බාල්පොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේ අද (10)පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර නීතිපතිවරයා මගින් අධි චෝදනා ගොණු කරන බවයි අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ.
නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසද ඉල්ලීමක් කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන්ට අමතරව තවත් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.
එම පොලිස් නිලධාරීන් සතුව තිබූ වාහන 11ක් සහ ඉඩම් කට්ටි 18ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
(LNW)