Sunday, September 14, 2025
Follow Us
පුස්කොළ පොත් සංරක්ෂණයට පියවර

ශ්‍රී ලංකාවේ විවිධ පරාසයක පවතින පුස්කොළ පොත් සංරකෂණ්‍ය, ලේඛනගත කිරීම හා අංකිතකරණය (Digitization) රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව බුද්ධශාසන, සංස්කෘතික කටයුතු, ආගමික කටයුතු අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව හා ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය එක්ව විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

මෙහිදී කිසිදු පුස්කොළ පොතක් රජයට භාර නොගන්නා අතර ඒවා රටින් පිටවීම වැළැක්වීම හා භෞතික හායනය වළක්වා අනාගතය උදෙසා සංරක්ෂණය පමණක් සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, පූජ්‍ය ස්ථාන,පුද්ගලයන් සන්තකව පුස්කොළ පොත් අත්පිටපත් විශාල ප්‍රමාණයක් ඇති අතර මෙම ලේඛනවල ත්‍රිපිටකය, රාජ්‍ය පරිපාලනය, බෞද්ධාගමික හා වෙනත් ආගමික කරුණු, ජ්‍යෝතීශය, යන්ත්‍ර මන්ත්‍ර, වෛද්‍ය ශාස්ත්‍රය, ඉඩම් තොරතුරු, කාව්‍ය හා සෞන්දර්යය යනාදී පුළුල් විෂය පරාසයක තොරතුරු අන්තර්ගත වෙයි.

වසර ගණනාවක් පැරණි මෙම ඓතිහාසික ලේඛණ කිසියම් වැඩපිළිවෙළක් යටතේ ආරක්ෂා නොවීම හේතුවෙන් භෞතික හායනය හා විවිධ මානව ක්‍රියාකාරකම් නිසා අනාගත පරම්පරාවට අහිමි වීමේ තර්ජනයක් මතුව තිබේ.

(Lanka Leads)