Saturday, February 07, 2026
Follow Us
කුඩු අල්ලන්න තියෙන ආයතනත් කුඩ්ඩන් ගෙන් පිරිලා

වසංගතයක් වෙලා තිබ්බේ පාතාලය සහ කුඩු යි .කුඩු අල්ලන්න තියෙන ආයතන සහ නිලධාරීනුත් කුඩ්ඩන් ගෙන් පිරිලා ..

ඒවාට සම්බන්ධ නිලධාරීන් දැන් ටිකෙන් ටික හෙළිවෙමින් පවතිනවා . ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග අරගෙන මේ රට රට නීතිගරුක විනයගරුක අලුත් රටක් විදිහට හැදීමට ජනාධිපතිතුමා ඇතුළු අපි හැම දෙනා ම කැපවී සිටිනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(10 )හොරණ දී පැවසී ය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කෙරෙන හොරණ ජන හමුව කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක, හිටපු කෘෂිකර්ම අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් සංවිධානය කර තිබිණි .

තව දුර දුරටත් කතා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය .,ගොඩක් අපරාධ සැලසුම් කරල තියන්නේ හිර ගෙවල් තුල ඉඳලයි .හිරගෙදර තමයි අපරාධයක් සැලසුම් කරන්න හොඳම තැන වෙලා තිබුනේ .අද මේ සියල්ල ම හෙළිදරව් වෙමින් පවතිනවා ..මේවට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන අලුත් රටක් අපි බිහි කරනවා.. ඒ සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතර බලයක් අපට ලබා දෙන ලෙස මේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

(Lanka Leads)