වසංගතයක් වෙලා තිබ්බේ පාතාලය සහ කුඩු යි .කුඩු අල්ලන්න තියෙන ආයතන සහ නිලධාරීනුත් කුඩ්ඩන් ගෙන් පිරිලා ..
ඒවාට සම්බන්ධ නිලධාරීන් දැන් ටිකෙන් ටික හෙළිවෙමින් පවතිනවා . ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග අරගෙන මේ රට රට නීතිගරුක විනයගරුක අලුත් රටක් විදිහට හැදීමට ජනාධිපතිතුමා ඇතුළු අපි හැම දෙනා ම කැපවී සිටිනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(10 )හොරණ දී පැවසී ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කෙරෙන හොරණ ජන හමුව කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක, හිටපු කෘෂිකර්ම අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් සංවිධානය කර තිබිණි .
තව දුර දුරටත් කතා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය .,ගොඩක් අපරාධ සැලසුම් කරල තියන්නේ හිර ගෙවල් තුල ඉඳලයි .හිරගෙදර තමයි අපරාධයක් සැලසුම් කරන්න හොඳම තැන වෙලා තිබුනේ .අද මේ සියල්ල ම හෙළිදරව් වෙමින් පවතිනවා ..මේවට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන අලුත් රටක් අපි බිහි කරනවා.. ඒ සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතර බලයක් අපට ලබා දෙන ලෙස මේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.
(Lanka Leads)