Friday, November 07, 2025
Follow Us
මැතිවරණ කොමිසමට පැමිණිලි 2366ක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 2366ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දිස්ත්‍රික්ක මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත පැමිණිලි 1722ක් ලැබී ඇති අතර ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 664ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

08 පස්වරු 04න් අවසන් වූ ගත වූ පැය 24 තුළ ද පැමිණිලි 160ක් ලැබී තිබේ.

(Aruna)