Saturday, February 07, 2026
Follow Us
ප්‍රචාරක රථ පිළිබඳව මැතිවරණ කොමිසමෙන් සීමාවක්

එළඹෙන මහ මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයා ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් පෞද්ගලික රථවාහනවල, අපේක්ෂකයෙක් හෝ පක්ෂයක් ප‍්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු හෝ ඡායාරූප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප‍්‍රදර්ශනය කර ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව එවැනි ආකාරයේ ප‍්‍රදර්ශනය කිරීම් වරදක් වන බවයි එම කොමිසම සඳහන් කළේ. එවැනි ස්ටිකර් හා බැනර් ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

අපේක්ෂකයන් ගමන් කරන වාහනයේ හැරුණු කොට අනෙකුත් පෞද්ගලික වාහනවල අලවා ඇති එවැනි ස්ටිකර් හෝ බැනර් ඉවත් කිරීම සඳහා හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට දැන්ම් දී ඇත්තේ.

(Neth)