Sunday, September 14, 2025
Follow Us
රේගුවේදී රාජසන්තක වූ වාහන රාජ්‍ය ආයතනවලට

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද මෝටර් රථ රජයේ ආයතන වෙත නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සදහා අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කර තිබේ.

ඒ අනුව නඩු කටයුතු අවසන් කළ මෝටර් රථ රාජ්‍ය ආයතනවලට නිදහස් කිරීමට නියමිතය. එලෙස හඳුනාගත් මෝටර් රථවලට අදාළ තීරුබදු ගෙවීම හෝ නිදහස් කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍ය මණ්ඩලයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

නව මෝටර් රථ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් මුදල් අය වැයෙන් වෙන් කර නොමැත. ශ්‍රී ලංකා රේගු බාරයට ගෙන ඇති මෝටර් රථ හතක් ශ්‍රී ලංකා යුද හමුදාවටද ඉල්ලා ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

(Aruna)