Sunday, September 14, 2025
Follow Us
විදෙස් රැකියා අහිමිවීමෙන් වන හානිය නොතකා ජීවිත ආරක්ෂාවට මුල්තැන දුන්බව ජනපති ලෝක ප‍්‍රජාවට කියයි

කොරෝනා වසංගතයත් සමග විදෙස්ගත ශ‍්‍රමිකයින් දිවයිනට පැමිණීමෙන් සේවා නියුක්ති ව්‍යූවහයට වන බලපෑම පසෙක ලා සියලූදෙනාගේ ජීවිත ආරක්ෂාවට මුල්තැන දීම සිය අරමුණ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව අන්තර්ජාලය ඔස්සේ අමතමින්.

ගතවූ මාස කිහිපයේදී අන්තර්ජාතික ගුවන් ගමන් නවතා තිබුණද, විදෙස්ගතව සිටි ශ‍්‍රී ලාංකිකයින් 15,000 කට අධික පිරිසක් දිවයිනට ගෙන්වා ගත් බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. මෙම තත්ත්වය රටේ ආර්ථිකයට මෙන්ම සේවා නියුක්තියට පීඩනයක් ඇති කළ ද ඒ සියල්ලට වඩා රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වැදගත් බව ජනාධිපතිවරයා මෙම සමුළුව අමතමින් අමතමින් අවධාරණය කළා.

කොරෝනා වසංගතය ගෝලීය ආර්ථිකයට කළ බලපෑමෙන් මෙරට ශ‍්‍රම බලකාය ආරක්ෂා කරගැනීමට විශේෂ අවධානයක් ද යොමුකළ බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)