Saturday, February 07, 2026
Follow Us
දේශීය ධාන්‍ය නිෂ්පාදනය වැඩි කිරීමට ජනපතිගෙන් දිරිගැන්වීම්

රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති බැවින් ධාන්‍ය වර්ග ඉහළ මිලකට, දේශීය හා විදේශීය වෙළඳපොළට සැපයීමේ අවස්ථාව ගොවි ජනතාවට උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එබැවින් බඩ ඉරිඟු , උඳු, මුං, කව්පි, කුරක්කන් වැඩිපුර වගා කිරීමට උනන්දු වන ලෙසයි ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මහමැතිවරණයට තරඟ කරන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳ ඊයේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ සිදු කළ චාරිකාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිිටියා.

කාබනික පොහොර භාවිතයට වැඩි වශයෙන් යොමු වීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

(Neth)