Tuesday, July 01, 2025
Follow Us
ප්‍රමිතිගත බස් රථ පමණයි, මගින් ගෙනයාම අසුන් ගණනට - රජයෙන් තීරණයක්

පොදු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කිරීමේදී බස් රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනය අනිවාර්ය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වූ බව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවති එම සාකච්ඡාවේදි පොදු ප‍්‍රවාහන සේවා සම්බන්ධ කරුණු රැසක් සාකච්ඡාවට ලක් වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකර පවතින ගාස්තු යටතේ බස් ධාවනය පවත්වාගෙන යාමට සියලූ‍ බස් හිමියන්ගේ සංගම් එහිදී එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මින් පසු පොදු ප‍්‍රවාහන සේවා සදහා ප‍්‍රමිතියෙන් යුත් බස් රථ පමණක් යෙදවීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡුාවට ගෙන තිබෙනවා.

ඒ අනුව පහත් පතුල් සහිත බස් රථ මිලදී ගැනීම සදහා රාජ්‍ය බැංකු අනුග‍්‍රහයෙන් සහන පොලී යටතේ විශේෂ ණය යෝජනා ක‍්‍රමයක් හදුන්වාදීමට ද යෝජනා කෙරුණා.

ලංගම සදහා පළමු වටයේදී ප‍්‍රමිතියෙන් යුත් බස් රථ 80 ක් මිලදී ගැනීමට ද අනුමැතිය හිමි වූ බවයි මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය ස`දහන් කළේ.

ලංගම හා පුද්ගලික බස්රථ සේවා සඳහා ඒකාබද්ධ කාලසටහන් කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡුාවේදී අවධානය යොමුව තිබෙනවා.

(Neth)