Tuesday, July 01, 2025
Follow Us
මහ මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේදී

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මේ සතියේදී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මනාප අංක සම්බන්ධයෙන් හෙට දිනයේදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන බවයි සභාපතිවරයා කියා සිටියා.

මැතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිගත කරන ලෙසට එහි අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ඉල්ලා සිටින බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

මෙවර මැතිවරණයට රුපියල් කෝටි 700ක් පමණ වැය වෙනු ඇති බවට පෙර ඇස්තමේන්තු කර තිබුණත් වර්ථමානයේ පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් එය කෝටි 900ක් පමණ ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරන බව කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමට මහ මැතිවරණය කිසි සේත්ම ඉඩක් නොලැබෙන ලෙස පැවැත්වීම තමන් ඇතුළු මැතිවරණ කොමිසමේ අරමුණ බවත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී එය එලෙසම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන වගකීම දේශපාලන පක්ෂ සතුව ඇති බවද මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

(Neth)