Sunday, February 08, 2026
Follow Us
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් වැඩබලන මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාව මුදල් අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා සහ මහාභාණ්ඩාගාරයේ වැඩබලන ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

මුදල් අමාත්‍යාංශයේ සහ මහාභාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සෞඛ්‍ය හේතූන් මත නිවාඩු ගෙන සිටින බැවින් මෙම පත්කිරීම සිදුකිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ගාමිණී සෙනරත් මහතා මීටපෙර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය.

(LNW)