නඩු කටයුතුවලට අදාල කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඒ ඇඳිරි නිතිය ඇතුළු පැවති සීමාවන් සැලකිල්ලට ගෙනයි.
මෙම සංශෝධනයට අනුව නඩු කටයුතුවලට අදාලව සති 06ක කාලය ගණනය කිරීමේදී ඉකුත් මාර්තු 16 වනදා සිට මැයි මස 18 වනදා දක්වා කාලය නොසලකා හැරෙනු ඇති.
ඊට අදාල ගැසට් නිවේදනය ඉකුත් 06 වැනිදා දිනැතිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කෙරුණා.
ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම් නීතිඥ කෞෂල්‍ය ජයරත්න ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කළා.
ඇඳිරි නිතිය ඇතුළු පැවති සීමාවන් නිසා කල් ගිය නඩු කටයුතු ආරම්භ කිරීමට ලැබුණු සහනයක් ලෙසද මෙය සැලකිය හැකි බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.
(Neth)