Thursday, July 03, 2025
Follow Us
ග්‍රාම නිලධාරීන් අගමැතිගෙන් නිසි විසඳුම් ඉල්ලයි

සිය රාජකාරී කටයුතු සඳහා එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබා ගැනීමේ අරමුණින් අද (12) දිනයේ ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නිරත වෙනවා.

ඒ අනුව එහිදී ද ලිඛිතව හෝ නිසි විසඳුම් නොලැබුණ හොත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න පෙන්වා දෙන්නේ.

මේ අතර පරිවාස කාලය සම්පූර්ණ නොකළ ග්‍රාම නිලධාරීන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් විවිධ බලපෑම් එල්ල වෙමින් ඇති බවත් ඔහු සඳහන් කළා.

නෙවිල් විජේරත්න එහිදී පෙන්වා දුන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පීඩාවට පත් ජනතාව ගෙවිය යුතු දීමනාවලට අදාළ මුදල් ද ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පරිපාලන නිලධාරීන් විසින් මෙලෙස ග්‍රාම නිලධාරීන් වෙත ගෙනවිත් දී ජනතාව ගෙත ගෙවන්නැයි බලපෑම් කර ඇති බවයි.

වැඩිහිටි දීමනාව හා සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබාදීම සිදු වන්නේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින්.

ආබාධිත දීමනාව හා වකුගඩු දීමනාව ආබාධ සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහලේකම්කාර්යාලය මගින්ද, ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින්ද ගෙවීමටයි නියම කර ඇත්තේ.

(Neth)