Thursday, July 03, 2025
Follow Us
නිරෝධායන ඇදිරිනීතිය නීත්‍යනුකූල බවට අධිකරණය තීන්දු කළා

ගම්පහ අධිකරණයේ පැවති නඩුවකදී නිරෝධායන ඇදිරිනීතිය නීත්‍යනුකූල බවට මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දුවක් ලබාදුන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ ය.

නිරෝධායන ඇදිරිනීතිය සම්බන්ධයෙන් විවිධාකාරයේ මත පැවති බවත් විශේෂයෙන් මීට අදාළ නීතිමය තත්වය සම්බන්ධයෙන් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විවාදගත ලෙස නඩුව පැවති බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ, ඒම නඩුවේදී ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් පිටු 15කින් යුක්තව ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.
මෙම තීන්දුවේ කාරණා දෙකක් පිළිබදව සදහන් වන අතර ඉන් පළමුවැන්න වනුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මාර්තු 18 වනදා සිට මේ දක්වා ක්‍රියාත්මක කරන ලද නිරෝධායන ඇදිරිනීතිය නීත්‍යනුකූල බවයි.

දෙවන කාරණය වනුයේ මෙම තත්ත්වය යටතේ මෙය මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ඇදිරිනීතිය පැනවීම සිදුවිය යුතු බවට විවිධ පුද්ගලයන් මත පළකරන ලදී. නමුත් මෙම නඩු තීන්දුවේ ඉතා පැහැදිලිව සදහන් කර ඇත්තේ මහජන ආරක්ෂාව පිළිබදව මෙම රටේ ප්‍රශ්නයක් නොමැති බවත්, මෙම රටේ ප්‍රශ්නයක් පවතින්නේ ආසාදිතයින් පිළිබදව සහ රෝගයක් පිලිබදව බවයි. ඒමනිසා ඒවැනි පනතක් මේ සදහා අදාල කරගත නොහැකි බවයි. ඒ අනූව විශේෂයෙන් අද අපේ රටේ උත්තරීතර අධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදුන් අතර ඒම තීන්දුව වනුයේ පොලීසිය විසින් සත්භාවයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් පරිදි මෙලෙස ක්‍රියාත්මක කරන ඇදිරිනීතිය නීත්‍යනුකූල බවටයි.

(News.lk)