2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ. එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක් (10) දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් ජුනි මස 12 වෙනි දිනට පෙර යොමු කළ යුතුව තිබෙනවා.
(Neth)