නව කොරෝනා වෛරසයට එරෙහි සටන ජය ගැනීමට නම් සෞඛ්‍යම වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ශක්තිමත් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානම වාණිජ නගරය වන කොළඹද ඇතුළුව රටපුරා ජන ජීවිතය යථා තත්ත්වය පත් කිරීම අද (11) සිට ආරම්භ කළේද ඒ අනුව බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
කෙසේවෙතත් නියම කර ඇති සෞඛ්‍ය උපදෙස් එලෙසින්ම පිළිපදින ලෙස රැකියාවලට යන සියලූ දෙනාගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක්ද කරනවා. එවිට රටත් සියලූ පුරවැසියනුත් නව කොරෝනා ව්‍යසනයෙන් ආරක්ෂා කර ගැනීමට හැකිවන බවයි ජනාධිපතිවරයා තැබූ ට්විටර් සටහනක දැක්වෙන්නේ.
(Neth)