Thursday, July 03, 2025
Follow Us
මගුල් කන්න පුළුවන්: සිප ගන්න තහනම්

මනාල යුවළ ඇතුළු අමුත්තන් සිප ගැනීම සහ අතට අත දීමෙන් වැළකී ස්පර්ශ නොවන වෙනත් ආචාර ක්‍රම භාවිත කරමින් මංගල උත්සව පැවැත්වීමේ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත.

කොවිඩ් 19 වෛරසය පැතිරීම ආරම්භ වීමට ප්‍රථම මංගල උත්සව ශාලාවලට ඇතුළු කළ අමුත්තන් සංඛ්‍යාවෙන් අඩක් උත්සව ශාලාවට ඇතූළු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් පවසයි.

උත්සව ශාලාවට පැමිණෙන අමුත්තන් මුඛ ආවරණ පැලඳිය යුතුය. අමුත්තන් මීටරයක දුරක් පවත්වාගෙන යා යුතු අතර සියලුදෙනාගේ උෂ්ණත්වය ශාලාවට ඇතුළු වීමට පෙර පරීක්ෂා කළ යුතුය. ශාලාවට ඇතුළු වන ස්ථානයේ ජල කරාම සවි කර තිබිය යුතු බවද සෞඛ්‍ය නිර්දේශවල සඳහන් වෙයි. මංගල උත්සවය පැවැත්වීමට පෙර සහ පසුව ශාලාව මෙන්ම සියලු උපකරණ ජීවානුහරණය කළ යුතු වෙයි.

වීදුරු, පිඟන් හැඳි ආදිය අමුත්තන් අතර පවුලේ භාවිත නොකළ යුතුය. බුෆේ හෝ ස්වයං සේවා ආකාරයට ආහාර බෙදාදීම සඳහා වෙනත් සේවකයකු පත් කළ යුතු වෙයි. එමගින් කිහිපදෙනෙක් එම උපකරණ පරිහරණය කිරීම වළකින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. කණ්ඩායම් වශයෙන් එක් වී ඡායාරූප ගැනීමද තහනම් වෙයි.

(Aruna)