Thursday, April 25, 2024
Follow Us
පකිස්ථානයේ ඉම්රාන් ඛාන්ට පුළුවන් නම් ඇයි මෙහෙ අයට බැරි

අන්තවාදී අදහස් පෝෂණය කරන සියලු ඉගැන්වීම් තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා පැවසීය.

පකිස්ථානයේ සහ තුර්කියේත් එවැනි පාසල් තහනම් කර තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

"මද්‍රසා වැනි අන්තවාදි අදහස් පෝෂණය කරන පාසල් තහනම් විය යුතුයි. පකිස්තානයේ ඉම්රාන් කාන් අගමැතිවරයා මෙවැනි පාසල් 800ක් තහනම් කරලා තියෙනවා. තුර්කියේත් එවැනි පාසල් තහනම් කළා. මේවායේ අන්තවාදි අදහස් පෝෂණය කරනවා නම් තහනම් විය යුතුයි. අරණායක විල්පල කියන ගමේ පාක්ෂිකයෙක් කිව්වා එහේ මද්‍රසා පාසලක් තියෙනවා. පන්ති පටන්ගන්නේ රෑ 10ට. 10 ඉදන් පාන්දර 2 විතර වෙනකල් පන්ති පවත්වනවා. මේ වගේ පසුබිමක් තුළ ජනතාව තුළ සැකයක් ඇති වෙනවා. මේ ගැන තේරුම් අරගෙන නම්‍යශිලීව කටයුතු කරන්න කියලා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

එමෙන්ම මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කළ මුස්ලිම් දේශපාලන නායකයින් අනිවාර්යයෙන් අත් අඩංගුවට ගත යුතු වුවත් මෙතෙක් එවැනි චෝදනා එල්ල වී ඇති අයගෙන් ප්‍රශ්න කිරීමක් හෝ කර නැති බවයි මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ.

පාස්කු ප්‍රහාරයෙන් සංචාරක ව්‍යාපාරයට වෙන හානිය ගැන මීට වඩා අවධානයක් යොමු කළ යුතු බවත් ඒ සඳහා පළමුවෙන් ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් ඔහු කියාසිටියේය.

"2015 ප්‍රංශයට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ හිටපු ජනාධිපතිවරයා සංචාරකයින් ගැවසෙන ස්ථානවල ආරක්ෂක නිලධාරීන් 10000ක් ස්ථානගත කළා. මේ රජයත් ප්‍රවෘත්ති විකාශනය කරන්න එපා කියලා මිනිස්සු තුළ විශ්වාසයක් ගොඩ නගන්න උත්සාහ කරනවා වෙනුවට ආරක්ෂාව තහවුරු කළ යුතුයි. නිවැරදි ප්‍රවෘත්තිය මාධ්‍ය ඒසසේ විකාශනය නොවීමෙන් සිද්ධ වෙන්නේ වැරදි පුවත් සමාජගත වීමයි."

ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මුස්ලිම් සහෝදරයින්ගේ හා නොවන අයගේ කිසියම් ඈත්වීමක් වෙලා නම් ඒ සම්බන්ධතා නැවත ගොඩනගා ගත යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(LNW)