Saturday, February 07, 2026
Follow Us
අසාම් අමීන්ගේ සේවය අත්හිටුවයි

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කර ගනිමින් BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් සේවයෙන් ඉවත් කර තිබෙනවා.

BBC ආයතනය විසින් ලිඛිතව මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදි අසාම් අමින්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අසාම් අමීන් සේවයෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් ඔහුගෙන්නිදහසට කරුණු විමසිමක් ද BBC ආයතනය විසින් සිදුනොකල බවයි වාර්තා වන්නේ.

ජනවාරි මස අවසානයේදි BBC සේවයෙන් ඉවත්ව යාමට අසාම් අමීන් මිට පෙර ඉල්ලිමක් සිදුකර තිබු බවටද තොරතුරු වාර්තා වනවා.


(Neth)