Saturday, January 31, 2026
Follow Us
විශේෂ සිරමැදිරියක් පිරිසිදු කර සූදානම් කරයි..

විශේෂ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හොත් ඔහු රඳවා තැබීම සඳහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක් සූදානම් කෙරෙමින් ඇතැයි වාර්තාවේ .

ඊයේ (24) පස්වරුවේ එහි පිරිසිදු කිරීම් ද සිදුව ඇති බව බන්ධනාගාර ආරංචි සඳහන් කරයි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී රඳවා තැබුණේ ද, මෙම විශේෂ සිරමැදිරියේයි.

ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දේශපාලනඥයින් වැඩිදෙනෙකු ද එහි රඳවනු ලැබ සිටියේය.

(Lanka Leads)