Monday, March 30, 2026
Follow Us
ත්‍රි​රෝද රථ ගාස්තුත් අඩුවේ

වත්මන් ආණ්ඩුව ත්‍රිරෝද රථ සඳහා අමතර කොටස් ගෙන්වීම වෙනුවෙන් ලබාදුන් බදු සහන හේතුකොටගෙන ලබන ජනවාරි පළමු වැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ සභාපති සුදිල් ජයරුක් පවසයි.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා ගාස්තුව රුපියල් දහයකින් අඩුවේ. දෙවැනි කිලෝමීටරය සඳහා රුපියල් 45ක්ව පැවැති මිල රුපියල් 40 දක්වාද, රුපියල් 60ක්ව පැවැති මිල රුපියල් 50 දක්වාද අඩු වීමට නියමිතය.

(Aruna)