Saturday, July 27, 2024
Follow Us
වසර 5ක් තුළ ප්‍රාථමික සෞඛ්‍ය ශක්තිමත් කිරීමට පියවර

ඉදිරි වසර පහ තුළ රුපියල් බිලියන 70 ක් වැය කර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්,දිවයිනම ආවරණය වන පරිදි හෘද කැතීතකරණ ඒකක පහක් ස්ථාපිත කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

ඒ තුළින් රෝගියාට සියලු ප්‍රතිකාර සේවාවන් එකම ආයතනයක් තුලදී විශේෂඥ වෛද්‍ය පහසුකම් සහ තොරතුරු  සහිතව ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් ‍ මෙයින් ඇති වන බවත්,  බෝනොවන රෝග නිසා ඇති වන මරණ පිළිබද අවධානය යොමුකිරීමේදී  දහදෙනෙකුගෙන් හතර දෙනෙක්, නැත්නම් පස්දෙනෙක්  අවුරුදු 50-60 අඩු අය බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ඔහු ප්‍රකාශ කළේ එම නිසාවෙන් ජයිකා ආයතනය සමග සම්භන්ධ වී හෘද ප්‍රතිකාර සඳහා හෘද කැතීතකරණ ඒකක පහක් දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිතකිරීමට පියවර ගන්නා බවයි.

ඒ මහතා මේබව අවධාරණය කර සිටියේ  පසුගියදින  රිකිල්ලගස්කඩ මූලික රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එම රෝහල් කාර්ය මණ්ඩලයේ සේවාව ඇගයීම සදහා සංවිධානය කර තිබූ සුව විශිෂ්ඨතා සම්මාන ප්‍රධානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින්ය.